🔐 Authentication vs Authorization
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ Authentication සහ Authorization යන වචන දෙක වඩාත්ම වැදගත් මාතෘකාය. බොහෝදෙනාට මේ දෙක අතර වෙනස අවබෝධ කර ගැනීමට අපහසු විය හැකිය. එබැවින්, පහසු උදාහරණ සහිතව බලමු.
🔑 Authentication
Authentication යනු පරිශීලකයෙකු හෝ පද්ධතියක් එය ඇත්තටම කවුදැයි තහවුරු කිරීමයි. මෙය බොහෝවිට පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කරමින් සිදු කරයි.
📌 උදාහරණ:
🚀 Authentication වලදී
✔ පරිශීලකයා කවුද කියලා හඳුනා ගන්නවා
✔ Username, Password, OTP
✔ පද්ධතියට ඇතුල්වෙන්න පුළුවන්ද කියලා බලනවා
🛡 Authorization
Authorization යනු පරිශීලකයෙකුට පද්ධතිය තුළ කුමන ක්රියාවන් ඉටු කළ හැකිදැයි තීරණය කිරීමයි. Authentication පසු පරිශීලකයාගේ අවසර මට්ටම අනුව මෙම ප්රවේශය සීමා කරයි.
📌 උදාහරණ:
🚀 Authorization වලදී
✔ පරිශීලකයාට මොනවද කළ හැක්කේ? කියලා තීරණය කරනවා
✔ Permissions, Access Levels, Roles වගේ දේවල් භාවිතා කරනවා
✔ දේවල් කළමනාකරණය කරන්න RBAC (Role-Based Access Control) වගේ ක්රම භාවිතා කරනවා
🎯 Authentication සහ Authorization එකටම යොදාගන්න ආකාරය
🔸 OAuth 2.0 – Facebook, Google Logins, API security
🔸 JWT (JSON Web Token) – Web Apps වල authentication & authorization
🔸 RBAC (Role-Based Access Control) – User roles අනුව resource access
තවද,
Authentication සහ Authorization හොඳින් කළමනාකරණය කිරීම සෑම ආරක්ෂිත පද්ධතියකම අවශ්යතා වේ. 🔐